කාන්තා යට ඇඳුම් සමඟ විනෝද වන ඊශ්‍රායල සොල්දාදුවෝ

Base.lk 6:49 AM Technology

ඊශ්‍රායල සොල්දාදුවන් විසින් පලස්තීන නිවාසවලින් සොයාගත් කාන්තා යට ඇඳුම් සමඟ විනෝද වන ආකාරයෙන් ගනු ලැබූ ඡායාරූප සහ වීඩියෝ කිහිපයක් සමාජ මාධ්‍යයන් හුවමාරු වෙමින් පවතිනවා.

ගාසා තීරයේ පවතින යුධ ගැටුම් හේතුවෙන් එහි සාගතයක් පවා නිර්මාණය වෙමින් පවතින පසුබිමක සිදුවන මෙවැනි සිදුවීම්, ඊශ්‍රායලය කෙරෙහි ලෝක ප්‍රජාවේ වන අප්‍රසාදය තීව්‍ර කරන්නක් බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

සමාජ මාධ්‍යවල සංසරණය වන එක් වීඩියෝවක ඊශ්‍රායල සොල්දාදුවෙකු ගාසා තීරයේ නිවාසයක කාමරයක හාන්සි පුටුවක වාඩි වී සිනාසෙමින්, එක් අතකින් තුවක්කුවක් සහ සෝෆාමත වැතිර සිටින සොල්දාදුවෙකුට ඉහළින් යට ඇඳුමක් එල්ලා තබන ආකාරයක් දැක්වෙනවා.

මේ සම්බන්ධව අදහස් දක්වමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයේ ප්‍රකාශිකා රවීනා ෂම්දාසානි පවසන්නේ එවැනි ඡායාරූප පළ කිරීම පලස්තීන කාන්තාවන්ට සහ සියලුම කාන්තාවන්ට අවමන් කිරීමක් බවයි.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive