තත්ත්වයෙන් බාල සහල් ගැන කඩිනම් පරීක්ෂණයක්

Base.lk 6:49 AM Technology

රජය විසින් නොමිලයේ බෙදාහරින සහල් ප්‍රමිතියෙන් බාල සහ ජනතාවට අලෙවි කරන බවට එල්ල වන ප්‍රකාශ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දෙයි.

රජය නොමිලේ බෙදන සහල් තත්ත්වයෙන් බාල සහ මුදලට ලබා දීම් සම්බන්ධයෙන් එල්ලවන චෝදනා ගැන කඩිනම් පරීක්ෂණයක් පරිපාලන අමාත්‍යංශ ලේකම්ගෙන් දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

පවතින ආර්ථික තත්ත්වය හමුවේ පීඩාවට පත්ව ඇති ජන ඛණ්ඩායම් ඉලක්ක කොට ඔවුන් සඳහා සහල් සහනාධාරයක් ලබා දීමට රජය පසුගියදා තීරණය කරණු ලැබුවා.

මේ වැඩසටහන යටතේ පසු ගියදා බදුල්ල දිස්ත්‍රික්කයේ බෙදා දෙන ලද සහල් තත්ත්වයෙන් බාල ඒවා ලෙස ඇතැම් අය චෝදනා කළ අතර හම්බන්තොට දිස්ත්‍රික්කයේ අදාළ සහල් මුදලට විකිනීමක් සිදුව ඇතැයි චෝදනා එල්ල වී තිබෙනවා.

එල්ල වන මෙම චෝදනා සම්බන්ධයෙන් අවධානය යොමු කළ අග්‍රාමාන්‍ය දිනේෂ් ගුණවර්ධන මේ පිළිබඳව සොයා බලන ලෙස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම් ප්‍රදීප් යසරන්න වෙත උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ක්‍රියාත්මක වූ අමාත්‍යංශ ලේකම් ප්‍රදීප් යසරන්න අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් ලබා දී ඇත්තේ මේ සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණ සිදු කොට ඊට අදාළ වාර්තාවන් සතියක් තුළ කඩිනමින් තමන් වෙත ලබා දෙන ලෙසයි.

එමෙන්ම ඉදිරියේදී මෙම වැඩසටහන වඩා විධිමත්ව සිදුවනවා ද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා විශේෂ විමර්ශන ඛණ්ඩායමක් යෙදවීමටද අමාත්‍යංශය බලාපොරොත්තු වෙන බවයි සඳහන් වන්නේ.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive