හමාස් රඳවාගත් ප්‍රාණ ඇපකරුවන්ගේ වීඩියෝවක් එළිදකී

Base.lk 6:49 AM Technology

හමාස් සංවිධානය විසින් ගාසා තීරයේ ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගෙන සිටින පුද්ගලයින් දෙදෙනෙකුගේ වීඩියෝවක් නිකුත් කර තිබෙනවා.

එහිදී ප්‍රාණ ඇපකරුවන් ඊශ්‍රායල බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ තමන් ඇතුලු ඉතිරි පිරිස නිදහස් කරගැනීම සඳහා ගිවිසුමක් ඇති කරගන්නා ලෙසටයි.

47 හැවිරිදි ඔම්රි මිරාන් සහ ඇමරිකානු පුරවැසිභාවය හිමි 62 හැවිරිදි කීත් සීගල් නැමැත්තා මෙලෙස වීඩියෝ පටයකින් පෙනී සිට තිබූ අතර, ඔවුන් ඔක්තෝම්බර් 7 වන දින දකුණු ඊශ්‍රායලයට එල්ලවූ හමාස් ප්‍රහාරයේදී සටන්කාමීන් විසින් පැහැර ගෙන තිබුණා.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive