"උරුමයෙන් අපි තව ඉඩම් ඔප්පු 6,000ක් බෙදල දෙනවා" රාජ්‍ය ඇමති ලොහාන්

Base.lk 6:49 AM Technology

ඉඩම් ඔප්පු හිමිකම නොමැති ජනතාවට සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සංකල්පයක් මත ක්‍රියාත්මක උරුමය වැඩසටහන ඉතා වැදගත් වැඩසටහනක් බව වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ පවසනවා.

මේ සතිය අවසානයේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තවත් පුද්ගලයන් 6000කට සින්නක්කර ඔප්පු ලබාදීමට කටයුතු යොදා ඇති බවත් අමාත්‍යවරයා කියා සිටියා.

එමෙන්ම, මහවැලි අධිකාරිය සතු ඉඩම්වල කිසිදු නීතිවිරෝධී ක්‍රියාවක් සිදු කිරීමට ඉඩ නොතබන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive