පොලිස් වීරයන් දෙදෙනෙක් දියවැලකට හසු මව සහ දියණිය බේරාගනී

Base.lk 6:49 AM Technology

පානදුර වෙරළේ දිය නෑමට ගිය මවක් සහ දියණියක් දියවැලකට හසු වී මුහුදේ ගසාගෙන යමින් සිටිය දී බේරා ගැනීමට ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් දෙදෙනෙක් සමත් වී තිබෙනවා.

පොලිස් ජීවිතාරක්ෂක ඒකකයට අනුයුක්ත නිලධාරීන් දෙදෙනෙක් විසින් මෙම මව සහ දියණිය බේරාගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙම අනතුරට මුහුන දී ඇත්තේ අවුරුදු 38ක්වන මවක් සහ ඇගේ අවුරුදු 06ක දියණියයි.

ඔවුන් දෙදෙනාට මූලික ප්‍රතිකාර ලබා දීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා පානදුර රෝහලට ඇතුළත්කළ බවයි වාර්තා වෙන්නේ.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive