"ඖෂධ වංචාවේ නියම වැරදිකාරයො ඇතුලෙ ඉන්න අය නොවෙන්නත් පුළුවන්" වෛද්‍ය චමල් සංජීව

Base.lk 6:49 AM Technology

බාල ඖෂධ ලබා දෙමින් හෝ ඖෂධ ලෙස හැඟෙන විවිධ අපද්‍රව්‍ය ලබා දෙමින් මහජනතාවගේ බදු මුදල් රුපියල් කෝටි ගණනක් අවභාවිතා කිරිම ඉතා බරපතල තත්ත්වයක් වන බැවින් සැබවින්ම බාල ඖෂධ වංචාවල මහ මොළකරුවන් දැනට රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින දේශපාලකයින් හෝ නිලධාරීන් නොව තවදුරටත් නිදැල්ලේ සිටින ඇතැම් සැපයුම්කරුවන් හෝ රාජ්‍ය නිලධාරීන් විය හැකි බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිතියේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පැවසුවා.

පසුගිය කාල සීමාව මුළුල්ලේ මෙරට ඖෂධ සැපයුම් පද්ධතියට ලේඛනගත වූ විවිධ සමාගම් ව්‍යාජ නම් වලින් ඇතුළත් වෙමින් ප්‍රසම්පාදන ක්‍රියාවලට ඇතුළත් වූ බවට තොරතුරු අනාවරණය වී ඇති බැවින් එවැනි සමාගම් ඖෂධ නියාමන අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂකවරයා හෝ අධ්‍යක්ෂක මණ්ඩලය සමග එක්ව මෙම ගනුදෙනු සිදු කරන්නට ඇතැයි බරපතල සැකයක් නිර්මාණය වන බවද වෛද්‍ය සංජීව ප්‍රකාශ කළා.


ඔහු වැඩිදුරටත් සඳහන් කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්වකීය උකුසු ඇස හරහා විමර්ශනය කළ යුතු බවයි.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive