පස් කන්දක් කඩා වැටී අයෙක් මරුට

Base.lk 6:49 AM Technology

වරකාපොළ, මොරගල්හේන ප්‍රදේශයේදී ඊයේ (01) පස්වරුවේ පුද්ගලයෙකු මතට පස් කන්දක කොටසක් කඩා වැටීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයා ඉවුරක් ආසන්නයේ ගොඩනැගිල්ලක් ඉදිකිරීමට අත්තිවාරමක් සකස් කරමින් සිටියදී මෙලෙස එම ස්ථානයේ තිබූ පස් කන්දක කොටසක් ශරීරය මතට කඩා වැටීමෙන් එයට යටවී තිබෙනවා.

එහිදී බරපතළ තුවාල ලැබූ මෙම තැනැත්තා වරකාපොළ මූලික රෝහල වෙත ඇතුලත් කරන අවස්ථාව වනවිටත් ජීවිතක්ෂයට පත්ව තිබූ බවයි පොලිසිය සඳහන් කරන්නේ.

වයස අවුරුදු 48ක් වූ මෙම පුද්ගලයා, එලිපන්ගමුව, තෝලංගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive