හම්බන්තොට රෝහලේ තුන්වැනි විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරයාත් රට හැරයයි

Base.lk 6:49 AM Technology

හම්බන්තොට මහ රෝහලේ තෙවැනි විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරයාත් නොදන්වා විදේශගත වී ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසනවා.

එමෙන්ම මීට පෙරද එම රෝහලට අනුයුක්ත කළ විශේෂඥ නිර්වින්ද වෛද්‍යවරුන් දෙදෙනෙක් රෝහල් බලධාරීන්ට නොදන්වා විදේශගත වී තිබුණා.

එහිදී එම විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරු දෙදෙනා තමන් විදේශගත වූ පසුව ඒ බව රෝහලේ වෛද්‍යවරුන්ට කෙටි පණිවිඩයක් මගින් දැනුම් දී තිබූ අතර, ඒ ආකාරයෙන්ම මෙම වෛද්‍යවරයාත් විදෙස් ගතවී කෙටි පණිවිඩයක් මගින් තමන්ගේ විදෙස්ගතවීම දන්වා ඇති බවයි වාර්තා වෙන්නේ.

මේ සම්බන්ධව තමා විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයට දන්වා ඇතැයි හම්බන්තොට මහ රෝහලේ අධ්‍යක්ෂ අයන්ති ජයවර්ධන සඳහන් කළා.

මේ වනවිට රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350ක් රට හැරගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකින් හෙළි කරගෙන තිබෙනවා.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive