කේ. නාලිනී: ඉන්දීය මැතිවරණයක දී ඡන්දය පාවිච්චි කළ පළමු ශ්‍රී ලාංකික සරණාගතයා

Base.lk 6:49 AM Technology

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ තිරුචි දිස්ත්‍රික්කයේ ශ්‍රී ලාංකීය සරණාගතයින් සඳහා වූ කොට්ටපත්තු කඳවුරේ දී ඊයේ (19) 38 හැවිරිදි කේ. නාලනී තම ඡන්දය භාවිතා කළ ශ්‍රී ලාංකික සරණාගතයින්ගේ පළමුවැනියා බවට පත්වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

එහිදී ඇය ඉන්දීය මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ "මගේ එකම බලාපොරොත්තුව මගේ පවුලට සහ දරුවන්ට ඉන්දියානුවන් ලෙස ඉන්දියාවේ බියෙන් තොරව ජීවත් වීමට හැකිවේවා" යනුවෙනි.

එමෙන්ම, තමිල්නාඩු රජය නොමිලේ විදුලිය, ජලය සහ වෛද්‍ය ආධාර ලබාදීමෙන් එම කඳවුරේ සිටින පවුල් 450ක් හොඳින් රැකබලා ගෙන ඇති බවත්, නමුත් නිල හැඳුනුම්පත් නොමැතිකම වැඩිහිටි පදිංචිකරුවන්ගෙන් බොහෝ දෙනෙකුට බාධාවක් ලෙස පවතින බවත් ඇය සඳහන් කර තිබෙනවා.

2022 සැප්තැම්බරයේදී නාලනී මදුරාසි මහාධිකරණය හමුවේ ඇය ඉන්දීය පුරවැසියෙකු බව තහවුරු කර තිබෙනවා.

ඇය තිරුචි ලෝක් සභා මැතිවරණ කොට්ඨාශයට අයත් තිරුචි සභා බල ප්‍රදේශයේ ඡන්ද දායිකාවක් ලෙස ලියාපදිංචි වී ඇති අතර, විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා මදුරාසි මහාධිකරණයේ මදුරෙයි විනිසුරු මඩුල්ල වෙත ගොස් තිබෙනවා.

1986 අප්‍රේල් මාසයේදී මණ්ඩපම් හි පිහිටි ශ්‍රී ලංකා සරණාගත කඳවුරේ උපත ලැබූ නාලනීගේ මව්පියන් ඉන්දියානු ජාතිකයින්, නමුත් ඇගේ පවුලේ පරම්පරා ගණනාවක් එහි තේ වතුවල වැඩ කිරීම සඳහා ශ්‍රී ලංකාවට සංක්‍රමණය වී තිබෙනවා.

තවදුරටත් ඉන්දීය මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය පවසා ඇත්තේ, "අද ඡන්දය ප්‍රකාශ කිරීමට ලැබීම ගැන මට ආඩම්බරයක් දැනෙනවා, කවුරු බලයට ආවත් අපේ ජනතාවගේ හඬ ඇසෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා” යනුවෙනි.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive