යුද ගැටුම් වැඩි කරන ක්‍රියාවන්ට චීනයේ විරෝධය

Base.lk 6:49 AM Technology

රටවල් අතර යුද ගැටුම් උත්සන්න වන ආකාරයේ ක්‍රියාවන්ට විරෝධය පළ කරන බව චීනය පවසනවා.

එරට විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ එවැනි ක්‍රියාවන් තුළින් ලොව ප්‍රබල රටවල් අතර ගැටුම් ඇති විය හැකි බවයි.

මේ අතර ඉරානය සමඟ හටගෙන ඇති යුදමය වාතාවරණය හමුවේ වඩාත් ඉවසීම් සහගතව කටයුතු කරන්නැයි ඇමරිකාව ද ඊශ්‍රායලයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

පසුගියදා ඉරානය සිදුකළ මිසයිල ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර ලෙස ඊශ්‍රායලය අද අලුයම ඉරානයට ඩ්‍රෝන ප්‍රහාර කිහිපයක් එල්ල කර තිබුණා.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive