සීනි ගැටළුව උඩු දුවයි - ආනයනකරුවන් සහ රජය අතර විශේෂ සාකච්ඡා

Base.lk 6:49 AM Technology

ආනයනය සඳහා අවසර පැවතුණ ද රට තුළ පවතින ඩොලර් හිඟය හේතුවෙන් සීනි ආනයනය කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව සීනි ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කළා.  

මෙරටට ආනයනය කළ සුදු සීනි තොග මේ වන විට අවසන් වී ඇති බවයි වෙළදපළ ආරංචි මාර්ග අනාවරණ කළේ.

දැනට වෙළදපළේ සීනි හිඟයක් පවතින අතර, රජය විසින් සීනි සදහා පැනවූ පාලන මිල ද ඉක්මවමින් දැනට වෙළදපළේ සීනි අලෙවි වන බවට අප පසුගිය දින කිහිපය පුරාම තොරතුරු වාර්තා කළා.

මේ වන විට වෙළදපළේ සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 170කට ආසන්න මිලකට අලෙවි වන බවයි වාර්තා වන්නේ.

රජය, සීනි ආනයනය සඳහා අවසර ලබාදී ඇතත් රට තුළ පවතින ඩොලර් හිඟය හේතුවෙන් සීනි ආනයනයට බාධා එල්ල වී ඇති බව ආනයනකරුවන් පෙන්වා දෙනවා.

අවශ්‍ය සීනි ප්‍රමාණය මෙරටට ගෙන්වා ගැනීමට අදාළව හෙට සහ අනිද්දා දිනවල ආනයනකරුවන් සමග සාකච්ඡා පවත්වන බවයි පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත්, පවතින තත්ත්වය සම්බන්ධයෙන් තවදුරටත් පීඩාවට පත්ව ඇත්තේ මෙරට පාරිභෝගික ජනතාවයි.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive