දිවයිනට ආ ඉන්දියානු අධානී සමාගමේ නියෝජිතයෝ මන්නාරම සුලං විදුලි බලාගාර පරිශ්‍රයේ නිරීක්ෂණයක (ඡායාරූප)

Base.lk 6:49 AM Technology

කොළඹ වරායේ බටහිර පර්‍යන්තයේ සංවර්ධන කටයුතුවලට මැදිහත් ව සිටින ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරික ගෞතම් අධානීගේ පුත්‍රයා සහ ප්‍රධාන විධායක නිලධාරියා අද මන්නාරම සුලං විදුලි බලාගාර පරිශ්‍රයේ සංචාරයක නිරත වුණා.

අධානී සමූහ ව්‍යාපාරය කොළඹ වරායේ බටහිර පර්යන්ත සංවර්ධන කටයුතුවලට අමතරව මෙරට පුනර්ජනනීය බලශක්ති උත්පාදනය සම්බන්ධයෙන් ද අවධානය යොමු කර තිබෙනවා.

අද ජනාධිපතිවරයා සමග සිදු කෙරුනු සාකච්චාවේදී අදාළ ඉන්දීය නියෝජිත පිරිස් මෙම කරුණු පිළිබඳව සාකච්ඡා කළ බව සැලයි.

මන්නාරම සුළං විදුලි බලාගාර සංකීර්ණය විදුලිබල මණ්ඩලය සතු විශාලතම සුළං විදුලි ජනන මධ්‍යස්ථානයයි.

මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා ආයෝජන ප්‍රවර්ධන ගුවන්තොටුපල සංවර්ධන රාජ්‍ය අමාත්‍යය ඩී වී චානක සහ විදුලිබල මන්ඩලයේ උසස් නිලධාරීන් පිරිසක්ද එක්ව සිටියා.




උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive