ඖෂධ සංස්ථා සභාපති නිසා ඇමති රඹුක්වැල්ලට ගෙදර යන්න වෙයි ද ?

Base.lk 6:49 AM Technology

ඖෂධ සංස්ථාවේ සභාපති ධූරයෙන් ඉවත්වීමට වෛද්‍ය ප්‍රසන්න ගුණසේන ගත් තීන්දුව තවත් මසකින් කල් දමන ලෙසට ජනාධිපතිවරයා ඉල්ලීමක් කර ඇති බව වාර්තා වනවා.
 
මෙහිදී ජනාධිපතිවරයා වෛද්‍ය ප්‍රසන්න ගුණසේනට පවසා ඇත්තේ අදාළ තනතුර සඳහා සුදුසු පුද්ගලයකු සොයා ගන්නා තෙක් සිය තීරණය කල් දමන ලෙසයි.

ජාතික ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කළේ සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල සමඟ ඇතිකරගත් මත ගැටුම් හේතුවෙන් බව මීට පෙර වාර්තා පළ වී තිබුණා.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා වෛද්‍ය ප්‍රසන්න ගුණසේන ගෙන් සිදුකළ මෙම ඉල්ලීමත් සමඟ සෞඛ්‍ය අමාත්‍යවරයා දැඩි අපහසුතාවකට පත්ව ඇති බවයි අමාත්‍යංශ ආරංචි මාර්ග පවසන්නේ.
 
එම ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මතුව ඇති තත්ත්වය ඇතැම් විට ආචාර්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍ය තනතුරින් ඉවත්ව යාමේ  වාතාවරණයක් දක්වා වර්ධනය විය හැකි බවටයි.

මේ අතර ජාතික ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන එම තනතුරෙන් ඉල්ලා අස්වීමට ගත් තීරණයත් සමඟ නැවතත් හදිසි ඖෂධ මිලදී ගැනීම් සිදු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් පිරිස් උත්සාහ දරමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යංශ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා.

වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සභාපතිවරයා වශයෙන් කිසිදු අවස්ථාවක හදිසි ඖෂධ මිලදී ගැනීම් සිදු නොකළ අතර මේ හරහා ඔහු රජයට රුපියල් බිලියන ගණනාවක් ඉතිරි කර දී තිබුණා.

එමෙන්ම මෙතෙක් කලක් වෙළඳ නාමයෙන් පමනක් ආනයනය කෙරුණු පිළිකා රෝගීන්ට ලබාදෙන ඖෂධ ඖෂධීය නාමය හරහා ආනයනය කිරීම හේතුවෙන් ද වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සෞඛ්‍ය අමාත්‍යංශයට සහ රජයට ඉතිරි කර දුන් මුදල් ප්‍රමාණය මිලියන 2500 කට අධිකයි.

මේ අතර පසුගිය සිකුරාදා සෞඛ්‍ය අමාත්‍යවරයා හිරු වෙත අදහස් දක්වමින් කියා සිටියේ අද දිනය තුල ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක තනතුර සඳහා පත්කිරීමක් සිදු කරන බවයි.



උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive