ජපාන තානාපති ජනපති හමුවෙයි

Base.lk 6:49 AM Technology

සේවය අවසන් කර දිවයිනෙන් පිටත්ව යාමට නියමිත ජපාන තානාපති සුගියාමා අකිරා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවුණා.

ඒ අද (25) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදීයි

ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා ලක්ෂ හයක් ජපාන රජයෙන් ලබා ගැනීමටත්, කොවිඩ් මර්දන ක්‍රියාවලිය සාර්ථක කරගැනීම ඇතුළු විවිධාකාරයෙන් ජපාන තානාපතිවරයා වශයෙන් කටයුතු කරමින්, මෙරටට ලබා දුන් සේවය ජනාධිපතිවරයා විසින් මෙහිදී ඇගයීමට ලක් කරනු ලැබුවා.

දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය ශක්තිමත් කරමින්, අවශ්‍ය ඕනෑම මොහොතක ශ්‍රී ලංකාවට සහාය දීමට තමා උත්සාහ කරන බවයි ජපාන තානාපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේ.

මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර සහ ජපාන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී කට්සුකි කොටාරෝ ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියා.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive