ඉන්දීය පරාජයත් සමඟ කාශ්මීර සිසුන් පිරිසකට පහරදීමක්

Base.lk 6:49 AM Technology

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ පාකිස්ථානය සමඟ ඊයේ පැවති තරගයෙන් ඉන්දියාව පරාජයට පත්වීමත් සමඟ ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ ඉංජිනේරු හා තාක්ෂණ විශ්වවිද්‍යාලයක කාශ්මීර සිසුන් පිරිසකට ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.

තරගයෙන් අනතුරුව ඊයේ රාත්‍රියේ මෙම පහරදීම සිදුව ඇති අතර, එම සිසුන්ගේ නේවාසිකාගාර කාමරවලට ද දැඩි ලෙස අලාභහානි සිදුකර ඇති බවයි ඉන්දීය වාර්තා සඳහන් කළේ.

මේ අතර කාශ්මීර සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසත් අදාළ ගැටුම සම්බන්ධයෙන් සොයා බලන ලෙසත් හිටපු ජම්මු කාශ්මීර ප්‍රධාන අමාත්‍ය ඕමාර් අබ්දුල්ලා පන්ජාබ් ප්‍රධාන ඇමති චරන්ජිත් සිං ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

කෙසේ වෙතත් අද උදෑසන දෙපාර්ශවය විශ්වවිද්‍යාල පාලනාධිකාරිය සහ පොලීසිය ඉදිරිපිට ගැටුම සම්බන්ධයෙන් සමාව ලබාගෙන ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තාවල සඳහන්.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive