ඇමරිකාවට ගිය " මැණිකේ මගේ හිතේ"

Base.lk 6:49 AM Technology

යොවුන් ගායන ශිල්පිනී යොහානි ද සිල්වා අතින් ප්‍රතිනිර්මාණය වූ “මැණිකේ මගේ හිතේ“ ගීතයට මේවන විට ලොව පුරා විවිධ රටවල ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමිවෙමින් තිබෙනවා.

මේ අමෙරිකාවේදී එම ගීතයට ලැබුණු ප්‍රතිචාරයයි.

මේ 13 හැවිරිදි ලෝක ප්‍රකට වයලින් වාදන ශිල්පිනියක් වන කැරොලීනා ප්‍රොට්සෙන්කෝ මැණිකේ මගේ හිතේ ගීතය අමෙරිකාවේ කැලිෆෝනියා නගරයේ වීදියක වාදනය කරන අයුරුයි.

යුක්‍රේන සම්භවයක් සහිත අමෙරිකානු වයලින් වාදන ශිල්පිනියක් වන කැරොලීනාගේ මෙම වාදනය නැරඹීමට ප්‍රේක්ෂකයින් රැසක්ද එක්ව සිටියා.

සතීෂන් රත්නායකගේ මුල් නිර්මාණයක් වූ මැණිකේ මගේ හිතේ ගීතය යොහානිගේ හඩින් ප්‍රති නිර්මාණය කිරීමත් සමග දෙස් විදෙස් ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමිවුණා.

යොහානි ද සිල්වාගේ ප්‍රති නිර්මාණය යූටියුබ් සමාජ මාධ්‍යයේ මේවන විට නැරඹුම් වාර මිලියන 117ක් ඉක්මවා තිබෙනවා.

ජාත්‍යන්තරය පුරා රැව්පිලි රැව්දෙන මැණිකේ මගේ හිතේ ගීතය සම්බන්ධයෙන් අප එහි මුල් නිර්මාණකරු වන සතීෂන් රත්නායකගෙන් විමසීමක් කළා.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive