මැණිකේ මගේ හිතේ ඇමෙරිකාවෙත් නින්නාද දෙයි (වීඩියෝ)

Base.lk 6:49 AM Technology

ශ්‍රී ලාංකික යොවුන් ගායිකා යොහානි සමඟ සතීෂන් ගැයූ මැණිකේ මගේ හිතේ ගීතය යූටියුබ් ගෝලීය සංගීත දර්ශකයේ මුල් ගීත 10 අතරට පිවිස තිබෙනවා.

එය මේ සතියේ 07 වන ස්ථානයේ පසු වෙන අතර, මේ වෙනවිට ගීතයේ නැරඹුම් වාර සංඛ්‍යාව මිලියන 116 ඉක්මවා අවසන්.

ඉන්දියාවේ ද මැණිකේ මගේ හිතේ ගීතය උන්මාදයක් බවට පත් වූයේ සුපිරි බොලිවුඩ් නළු අමිතාබ් බච්චන් ඇතුළු ඉන්දීය සිනමාවේදීන් ද ඊට නර්තනාංග ඉදිරිපත් කිරීමත් සමඟයි.

ටයිගර් ෂෙරෝෆ්, මධුරි ඩික්සිත්, පරීනිති චොප්රා මෙන්ම සංගීතඥ සෝනු නිගම් ද සිය සමාජ මාධ්‍ය පිටුවල ගීතය පිළිබඳ සටහන් එක් කළා.

ඉන්දියාවේ ප්‍රධාන පෙළේ රූපවාහිණී නාලිකා මඟින් ද යොහානි සම්මුඛ සාකච්ඡා සඳහා එක්කර ගනු ලැබූ අතර, එන්.ඩී.ටී.වී. නාලිකාව විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇය සඳහන් කළේ, සුප්‍රකට ඉන්දීය සංගීතඥ ඒ.ආර්. රහුමාන් ඇතුළු සංගීතඥයින් සමඟ නිර්මාණ කිරීමට ඇය කැමැත්තෙන් පසු වෙන බවයි.

මේ අතර, අමෙරිකාවේ ජනාකීර්ණ වීථිවලට ද මැණිකේ මගේ හිතේ ගීතය පිවිසී ඇති බව වාර්තා වුණා.

ඇමෙරිකාවේ ජීවත්වන ප්‍රකට යුක්රේන යොවුන් වයලීන් වාදන ශිල්පිණී කැරොලිනා පොටෂෙන්කෝ කැලිෆෝනියාවේ - සැන්ටා මොනිකා හි වීථියක දී මැණිකේ මගේ හිතේ ගීතය වාදනය කළේ විශාල පිරිසක් ආකර්ශනය කර ගනිමින්.


උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive