කැටගොඩ දෙවන වරටත් පාර්ලිමේන්තුවට (වීඩියෝ)

Base.lk 6:49 AM Technology

අජිත් නිවාඩ් කබ්රාල් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරයේ ජයන්ත කැටගොඩ අද දිවුරුම් දුන්නා.

කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේ දී මෙලෙස ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දුන්නේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු ලෙසින්.

මීට පෙර ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස ජයන්ත කැටගොඩ කටයුතු කළ අතර, ඔහු ඉල්ලා අස් වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරයේ වත්මන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ දිවුරුම් දෙනු ලැබුවා.

ජයන්ත කැටගොඩ මෙලෙස අද 09 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු ලෙස දෙවන වරටත් දිවුරුම් දීම විශේෂත්වයක්.

මීට අමතර ව පසුගිය දා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වන බවට ප්‍රකාශ කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ එළැඹෙන අයවැයෙන් පසු ධුයෙන් ඉවත් වන බව වාර්තා වනවා.

ඔහු ඉන් අනතුරු ව ඇමරිකාවේ සහ මෙක්සිකෝවේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත්වීම් ලබා පිට ව යාමට නියමිත බවයි දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කළේ.


උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive