ඉන්දියාව නැවතත් එන්නත් අපනයනයට සූදානම්

Base.lk 6:49 AM Technology

ලබන මාසයේ සිට නැවතත් කොරෝනා එන්නත් අපනයනය කිරීමට සූදානම් බව ඉන්දියාව පවසනවා.

ඉන්දීය සෞඛ්‍ය අමාත්‍ය මන්සුක් මන්ඩාවියා ප්‍රකාශ කළේ එහි දී අසල්වැසි රටවලට ප්‍රමුඛත්වයක් හිමිවන බවයි.

එමෙන්ම, ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් ගෝලීය එන්නත්කරණ වැඩසටහනට ද ඉන්දියාවේ නිෂ්පාදිත එන්නත් තවදුරටත් ලබාදීමට සූදානම් බව ඔහු සඳහන් කළා.

පසුගිය අප්‍රේල් මාසයේ දී ඉන්දියාව කොරෝනා එන්නත් අපනයනය අත්හිටුවනු ලැබුවේ ඉන්දියානුවන් විශාල වශයෙන් කොරෝනා වෛරසයට ගොදුරු වීම සහ එරට ප්‍රමාණවත් එන්නත්කරණයක් සිදු නො වීම හේතුවෙන්.

කෙසේ නමුත්, ලබන මාසයේ සිට සිය එන්නත් නිෂ්පාදනය මාත්‍රා මිලියන 300 දක්වා සිව් ගුණයකින් ඉහළ නැංවීමට සැලසුම් කර ඇති බවයි ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

එන්නත් අපනයනය අත්හිටුවීමට පෙර ඉන්දියාව, ශ්‍රී ලංකාව ඇතුළු ලොව රටවල් 100කට ආසන්න සංඛ්‍යාවකට එන්නත් මාත්‍රා මිලියන 66ක් පරිත්‍යාග කරනු ලැබුවා.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive