බදියුදීන්ගේ බිරිඳ ඇතුළු සිව්දෙනා අද යළි අධිකරණය හමුවට

Base.lk 6:49 AM Technology

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර දැරියක පිලිස්සී මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් මේවන විට අත්අඩංගුවේ පසුවන බදියුදීන්ගේ බිරිඳ, බිරිඳගේ පියා, සහෝදරයා සහ තැරව්කරු අද (26) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ ඔවුන් අද (26) පෙරවරුවේ අධිකරණයට හමුවට ඉදිරිපත් කරන බවයි.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ 36ක් මේ වනවිට සටහන් කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.

සිද්ධියට අදාලව මේ වනවිට අත්අඩංගුවේ පසුවන සැකකරුවන් සිව්දෙනා පෙරේදා (24) කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියෝග කෙරුණා.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive