13 හැවිරිදි දැරියක් කුකුල් කූඩුවක සිරකර තැබූ නැන්දා සහ පියා රක්ෂිත බන්ධනාගාරයට (වීඩියෝ)

Base.lk 6:49 AM Technology

13 හැවිරිදි බාලවයස්කාර දැරියක්, අත් දම්වැලකින් බැඳ කුකුල් කූඩුවක සිර කර, කෲරත්වයට පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඇගේ නැන්දණිය සහ පියා ලබන මස 2 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

නොරොච්චොලේ - ආලංකුඩාව ප්‍රදේශයේ පදිංචි මෙම දැරියගේ මව ඇයව හදාවඩාගැනීම සඳහා සැකකාරිය වෙත භාරදී තිබෙනවා.

කෑමබීම නොමැතිව කුසගින්නේ සිටි දැරිය දම්වැල් කඩාගෙන අසළ නිවසකට ගොස් ආහාර ඉල්ලූ අවස්ථාවේ එම නිවැසියන් පොලිසියට ලබාදුන් තොරතුරු අනුව සැකකරුවන් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ වනවිට මෙම දැරිය පුත්තලම රෝහලේ ප්‍රතිකාර ලබන අතර, ඇගේ සිරුරෙහි පිළිස්සුම් තුවාල දක්නට ලැබෙන බවයි රෝහල් ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.


උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive