රිෂාඩ්ගේ නිවසින් පිළිස්සුණු පාවහන් යුගලකුත් සොයා ගැනේ (වීඩියෝ)

Base.lk 6:49 AM Technology

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් අද පළමු වරට රිෂාඩ් බදීයුදීන් මන්ත්‍රීවරයාගේ බොරැල්ලේ පිහිටි නිවස පරීක්ෂාවට ලක්කළා.

එහිදි ලබාගත් තොරතුරු හෙට අධිකරණයට ඉදිරිපත් කරන බවයි ඔහු සදහන් කළේ.

දැරිය පිලිස්සී මියගිය, මන්ත්‍රීවරයාගේ නිවසේ තිබි භූමිතෙල් බෝතලයක්, ලයිටරයක් සහ පිළිස්සුණු පාවහන් යුගලයක් සම්බන්ධයෙන්ද පොලිසීයේ දැඩි අවධානය යොමුව තිබෙනවා.

මෙම සාක්ෂි හමුවී ඇත්තේ අදාල දැරිය පිළිස්සි අනතුරට පත්වීමෙන් දින 20කට අධික කාලයක් ගතවීමෙන් අනතුරුවයි. එතරම් කාලයක් අදාල නිවසේ තිබු එම නඩු භාණ්ඩ මුලික විමර්ශණ සිදුකළ නිලධාරින්ට හමුව නොතීබිම ද විශේෂත්වයක්.

මේ අතර, හිෂාලිනි දැරිය පිලිස්සුම් තුවාල ලබා රෝහල්ගත කරන විටත් ඇගේ සිරුරෙන් සියයට 75ක පමණ ප්‍රමාණයක් පිලිස්සී තිබු බැවින් ඇයගෙන් කටඋත්තරයක් ලබාගැනීමට නොහැකිවු බවටයි මූලික විමර්ශණ සිදුකළ පොලිස් නිලධාරීන් පවසන්නේ.

කෙසේ වෙතත් පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ දැරිය තමන් විසින් ගිනිතබා ගත් බව පමණක් වෛද්‍යවරුන් වෙත ප්‍රකාශ කර ඇති බවයි.

පසුගිය තුන්වෙනිදා පෙරවරු 6.50 ට පමණ ඇය පිලිස්සී ඇති බවට තොරතුරු අනාවරණ වු නමුත් නිවැසියන් ඇය රෝහල් ගත කර තිබුණේ එදින පෙරවරු 11.20 ට පමණ බවයි වාර්තා වන්නේ.

 
රෝහල් පොලිසිය විසින් ඒ පිළිබදව දහවල් 12 පමණ වන විට බොරැල්ල පොලිසියට පැමිණිලි කර තිබූ බව සඳහන්.

මේ අතර, සිද්ධියට අදාලව පොලිස් භාරයේ රඳවා සිටින  සැකකරුවන් සිව්දෙනා හෙට යළි අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි. මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදීයුදීන් සම්බන්ධයෙන් ද එහිදි අධිකරණයට කරුණු දැක්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.


උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive