නාවලපිටිය මහ රෝහලෙන් පැන ගිය කොරෝනා රෝගියා අල්ලයි

Base.lk 6:49 AM Technology

නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ  ප්‍රතිකාර ලබමින් සිට පැන ගිය කොරෝනා ආසාදිතයෙකු කුරුදුවත්ත  පොලිසිය විසින් සොයා ගෙන තිබෙනවා.

මෙම ආසාදිතයාව  නැවත නාවලපිටිය මහ රෝහල වෙත භාර දුන් බවයි  නාවලපිටිය කුරුදුවත්ත පොලිසියෙන් අප කළ විමසීමකදී සඳහන් කළේ.

මොහු නාවලපිටිය කුරුදුවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන වයස අවුරුදු  31 හැවිරිදි පුද්ගලයෙකු බවටයි වාර්තා වන්නේ.

ආසාදිතයාගේ රෝගී තත්ත්වය උත්සන්න විම හේතුවෙන් ඔහු නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ කොවිඩ් ප්‍රතිකාර ඒකකට ඇතුලත් කිරිමෙන් පසු (25) දින උදෑසන එම වාට්ටුවෙන් පැන ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

අනතුරුව ආසාදිතයා බස් රථයකින් තම නිවස කරා යමින් සිටියදී කුරුදුවත්ත මේරිවල පොලිස් මුරපොලේදි අල්ලා ගිලන් රථයක් මගින් යළිත් නාවලපිටිය රෝහලට යොමු කර තිබෙනවා.

එමෙන්ම ඔහු ගමන් ගත් බස් රථයේ සමීපතම ආශ්‍රිතයන් කිහිප දෙනෙකු ස්වයං නිරෝධානයට යොමු කර ඇති බවටයි වාර්තා වන්නේ.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive