ඇෆ්ගනිස්ථානයේ වෙඩි තැබීමකින් 4 දෙනෙකු මරුට

Base.lk 6:49 AM Technology

නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ පෝලියෝ ප්‍රතිශක්තිකරණ වැඩසටහනකට සම්බන්ධ වී කටයුතු කළ සේවකයන් පිරිසක් ඉලක්ක කර එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් හතරදෙනෙකු මියගොස් තිබෙනවා.

පැය දෙකක් තුළ ස්ථාන දෙකකදී මෙම වෙඩි ප්‍රහාර එල්ලවී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ඇෆ්ගනිස්ථාන සෞඛ්‍ය අමාත්‍යාංශය චෝදනා කළේ පෝලියෝ ප්‍රතිශක්තිකරණ වැඩසටහන කඩාකප්පල් කිරීමේ අරමුණින් තලේබාන් සංවිධානය මෙම ප්‍රහාර එල්ල කරන්නට ඇති බවයි.


උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive