යාපනයේ වෙරළට තල්මසෙකුගේ සිරුරක් ගොඩගසයි (ඡායාරූප)

Base.lk 6:49 AM Technology

යාපනය කයිට්ස් වෙරළට මියගිය තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා තිබෙනවා.

එලෙස ගොඩගසා ඇත්තේ අඩි 20 ක් පමණ දිග තල්මසෙකුගේ සිරුරක් බවයි ප්‍රදේශයේ ධීවරයින් පවසන්නේ.

මේ අතර මන්නාරම වංකාලෙයි වෙරළ තීරයට මියගිය කැස්බෑවෙකුගේ සිරුරක් ඊයේ ගොඩගසා තිබියදී සොයාගෙන තිබෙනවා.

එලෙස මුහුදු ජීවීන් මියයාමට හේතුව පසුගියදා කොළඹ වරාය ආසන්නයේදී ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ බලපෑම විය හැකි බවටයි ප්‍රදේශයේ ධීවරයින් සැක පළ කරන්නේ.

මෙම සිදුවීම් සම්බන්ධයෙන් මන්නාරම හා යාපනය ධීවර පරීක්ෂක කාර්යාල නිළධාරීන් හා සාගර ජිවි නිළධාරීන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වීමට නියමිතයි.



උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive