දීමනාව දෙනවා සෞඛ්‍යය කියයි - විශ්වාස නෑ අපි වර්ජනයේ වෘත්තීය සමිති

Base.lk 6:49 AM Technology

වෛද්‍ය කාර්‍ය මණ්ඩලවලට හැර සෞඛ්‍ය ක්‍ෂේස්ත්‍රයේ සියලුම කාර්‍ය මණ්ඩලවලට වහාම ක්‍රියාත්මක වන පරිදි රුපියල් 7,500 ක දීමනාවක් ලබා දීමට රජය තීරණය කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරන්නේ මෙම දීමනාව ජූනි,ජූලි සහ අගෝස්තු යන මාස 03 සඳහා සෞඛ්‍ය සේවකයින්ට ලබා දෙනු බවයි.
 
ඉහත තීරණයට එළඹී ඇත්තේ සෞඛ්‍ය සේවාවේ පවතින ගැටලු සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා වෘත්තිය සමිති සහ සෞඛ්‍ය ඇමතිවරිය සමග පැවති සාකච්චාවකදි සිදු කල ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙනුයි.

තවද අතිකාල දීමනා ලබා දීමේදී ඔවුන් සේවය කරන කාලයට අනුව එම දීමනා ගෙවීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයාට ඇමතිවරිය විසින් මෙහිදී උපදෙස් ලබා දී තිබෙනවා.

එමෙන්ම පවතින අනෙකුත් වෘත්තිමය ගැටළු විසඳිම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සමග සතිපතා සාකච්චා කිරීමේ ක්‍රමවේදයක් සැකසීමටද මෙහිදී සාකච්චා වුනා.

මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ අද දින පැවති සාකච්ඡාව සාර්ථක වුවත් එය තහවුරු කළ හැකි ලිපියක් නොලැබුණු නිසා වැඩ සැලසුම් කළ වැඩ වර්ජනය දාහත්වනදා සියලුම රෝහල්වල ක්‍රියාත්මක කරන බව අද මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමේ සභාපති සමන් රත්නප්‍රිය ප්‍රකාශ කලා.

රුපියල් 7,500 ක දීමනාව වැඩි කිරීමට කැබිනට් මණ්ඩලය සමග සාකච්ඡා කළද එය සෞඛ්‍ය අමාත්‍යාංශ ලිපි ශිර්ෂයක් නොමැති ලියුමක් හරහා ලබාදුන් බවටයි ඔවුන් චෝදනා කරන්නේ.

හෙට දිනය ඇතුළත එම ලිපිය නිත්‍යානුකූල ආකාරයට ලබා නොදුනහොත් දාහත්වන (17) දින වැඩ වර්ජනය දිවයින පුරා රෝහල්වල සිදු කරන බවත් ඒ සඳහා සෞඛ්‍ය කාර්යය මණ්ඩලය එක් ලක්ෂ පනස් දාහකටත් අධික පිරිසක් සහභාගි වන බවත් සමන් රත්නප්‍රිය පවසනවා.

මෙම ප්‍රවෘත්ති සාකච්චාව සඳහා පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලයේ සභාපති රවී කුමුදේශ්,රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්කු ඇතුළු පිරිසක් එක්ව සිටියා.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive