පාන් හැර සෙසු බේකරි නිෂ්පාදනවල මිල ඉහළට (වීඩියෝ)

Base.lk 6:49 AM Technology

තෙල් මිල ස්ථායිකරණය සඳහා කැබිනට් මණ්ඩලය ඇති කළ අරමුදල ක්‍රියාත්මක නොවූ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, හිරු ප්‍රවෘත්ති අංශය සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ එම අරමුදලේ පැවති රුපියල් බිලියන 48ක මුදලක් රාජ්‍ය බැංකු දෙකක් වෙත ලබාදුන් බවයි.

මේ අතර, ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් පාන් හැර සෙසු බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 5 ත් 10 ත් අතර අගයකින් ඉහළ දමා ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන කියා සිටියා.

එසේම කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් බහලුම් ප්‍රවාහකයන්ගේ සංගමය සඳහන් කළේ තමන්ට සහනාධාරයක් ලබා නොදුනහොත් ලබන මස 1 වනදා සිට බහලුම් ප්‍රවාහනය කිරීමේදී අය කෙරෙන ගාස්තු සියයට 15 කින් ඉහළ දමන බවයි.

මේ අතර, ආණ්ඩුව කඩිනමින් තෙල් මිල පහළ දැමිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

කෙසේ වෙතත්, කොළඹ අද පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍ය උදය ගම්මන්පිළ කියා සිටියේ ඉන්ධන මිල පහත දැමීමක් සිදුකළ නොහැකි බවයි.


උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive