Online දුවන දරුවන්ගේ - සොඳුරු නොවූ අඳුරු පැතිකඩ (වීඩියෝ)

Base.lk 6:49 AM Technology

කොවිඩ් 19 වසංගතය හමුවේ පාසල් දරුවන්ට අධ්‍යයන කටයුතු හැදෑරීමට සිදුව ඇත්තේ Online තාක්ෂණය භාවිතයෙන්.

නමුත්, මේ හරහා දරුවන් දුරකථන සහ පරිගණක ක්‍රීඩාවලට ඇබ්බැහිවීමේ ප්‍රවණතාවක්ද දක්නට ලැබෙනවා.

මාර්ගගත අධ්‍යාපනය අපට එතරම් හුරුනොවුණත් කොවිඩ් 19 ගෝලීය ව්‍යාප්තියත් සමඟ දරුවන්ට අධ්‍යයන කටයුතු සඳහා නව තාක්ෂණික මෙවලම් භාවිත කිරීමට සිදුව තිබෙනවා.

ඒ අනුව මේ ආගන්තුක අභියෝගය භාරගත් දරුවන් අන්තර් ජාලයේ සැරිසැරීමටත්, ඉහළ තාක්ෂණික උපාංග හා සේවා භාවිතයටත් සමාජ මාධ්‍ය හරහා දැනුම ලබා ගැනීමටත් පෙළඹ තිබෙනවා.

ඒ අනුව ඉතිහාසයේ අන් කවරදාකටත් වඩා තාක්ෂණය, අන්තර්ජාලය සහ Online අධ්‍යාපනය අතර අධි සැබැඳියාවක් මේ වනවිට නිර්මාණය වී අවසන්.

Online අධ්‍යාපනයේ සාධනීය ලක්ෂණ මෙන්ම අඳුරු පැතිකඩ රැසක් ද තිබෙන බව අප අමතක කළ යුතු නැහැ.

මේ වනවිට මෙරට දරුවන් ජංගම දුරකථන ක්‍රීඩා සහ වැඩිහිටියන්ට පමණක් සීමා වූ වෙබ් අඩවි පරිශීලනයට පෙළඹී සිටින්නේ අන්තර් ජාලයේ අඳුරු පැතිකඩ හේතුවෙන්.


උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive