ජීවිතයට එල්ල වූ අභියෝග ආත්ම විශ්වාසයෙන් ජයගත් මහනුවර දිරිය දියණිය

Base.lk 6:49 AM Technology

ජීවිතයට එල්ල වූ අභියෝග ආත්ම විශ්වාසයෙන් සහ කැපවීමෙන් ජය ගෙන මෙවර උසස් පෙළ විභාගයේදී ජීව විද්‍යා අංශයෙන් විශිෂ්ට ප්‍රතිඵල හිමිකර ගත් දිරිය දියණියක් පිළිබඳ මහනුවරින් වාර්තා වනවා.

විවිධ ආබාධ සහිතව උපත ලැබු ඇයට මේ වනවිට සැත්කම් 27ක් සිදු කර තිබීම ද විශේෂත්වයක්.

මේ වත්සලා යසන්ති කුමාරි මුතුකුඩේ සිසුවියයි.

මෙවර උසස් පෙළ විභාගයේදී ජීව විද්‍යා අංශයෙන් ඉදිරිපත් වී A සාමර්ථ්‍යය දෙකක් සහ B සාමර්ථ්‍යයක් හිමිකර ගැනීමට ඇය සමත් වුණා.

මහනුවර දිස්ත්‍රික්කයේ පිළිමතලාව - අරඹේගම පදිංචිව සිටින වත්සලා උපත ලබා තිබුණේ ආබාධ කිහිපයක් ද සමඟයි.

නමුත් එය බාධාවක් කර නොගත් ඇය සාමාන්‍ය පෙළ විභාගයේදී A සාමාර්ථ 8 ක් සහ B සාමාර්ථයක් ලබා ගැනීමට සමත්ව තිබුණා.

මහනුවර ස්වර්ණමාලී බාලිකා විද්‍යාලයෙන් පසු උසස් පෙළ සඳහා වත්සලා මහනුවර උසස් බාලිකා විද්‍යාලයට ඇතුළත් වුණා.

ඇගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට ගුරුවරුන්ගෙන් ද ලැබුණු සහය මුදල් අමාත්‍යාංශයේ අතිරේක අධ්‍යක්ෂක ජනරාල්වරයෙකු වන ඇයගේ පියා මෙලෙස විස්තර කළා.

මේ වනවිට ශල්‍ය කර්ම 27කට මුහණ දී සිටින ඇය පාසල් සිටි කාලයට වඩා වැඩි කාලයක් රෝහල් ගතව සිටි බව මව්පියන් පවසනවා.

අධ්‍යාපන කටයුතුවලට මෙන්ම චිත්‍ර ශිල්පයට ද සුවිශේෂි දක්ෂතා දක්වන ඇය තම අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට උර දුන් සැම සිහිපත්ක ළේ මෙලෙසින්.

කුඩා කළ සිටම තම ජීවිතයට එල්ල වූ අනේක විධ දුක් කම්කටොලු පරදා අධිෂ්ඨානයෙන් සහ කැපවීමෙන් උසස් පෙළ ජයගත් මේ දියණිය සමාජයට දෙන්නේ කෙතරම් නම් ආදර්ශයක්ද?
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive