ඉන්දියාවේ ප්‍රාන්ත කොරෝනා එන්නත් ආනයනයට සැරසේ

Base.lk 6:49 AM Technology

කොවිෂීල්ඩ් සහ භාරත් බයෝටෙක් කොරෝනා එන්නත් ඉන්දියාව විසින් පසුගිය කාලය තුළ අපනයනය කිරීමටද කටයුතු කළද කොරෝනා දෙවන රැල්ලට දරුණු ලෙස මුහුණ දී සිටින ඉන්දීය ප්‍රාන්ත ගෝලීය ටෙන්ඩර් ක්‍රියාදාමය ඔස්සේ කොරෝනා එන්නත් ආනයනයට සැරසෙනවා.

උත්තර් ප්‍රදේශ්, මහාරාෂ්ට්‍ර සහ ඔඩීෂා ප්‍රාන්ත මේ වනවිටත් එන්නත් ඇණවුම් කර ඇති අතර, දිල්ලි මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල්ද ඊට එක්වී සිටිනවා. කර්නාටක ප්‍රාන්තය වයස අවුරුදු 18 ඉක්මවූවන්ට එන්නත් ලබාදීම සඳහා එන්නත් මාත්‍රා කෝටි දෙකක් ආනයනය කිරීමට නියමිතයි.

ආන්ද්‍ර ප්‍රදේශ් සහ තෙලන්ඟනා ප්‍රාන්ත මෙලෙස ඇණවුම් කර ඇත්තේ රුසියානු ස්පුට්නික් එන්නතයි. උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තය ස්පුට්නික් එන්නත මෙන්ම අමෙරිකානු මොඩර්නා සහ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත්ද ඇණවුම් කර ඇති බව සඳහන්.

ඉන්දීය ප්‍රාන්ත මෙලෙස කොරෝනා එන්නත් ආනයනය කරනු ලබන්නේ ප්‍රාන්ත වෙත එන්නත් මාත්‍රා කෝටි 18 ක් මධ්‍යම රජය විසින් ලබාදී තිබියදීයි. එහෙත් එය ප්‍රමාණවත් නොවන බව අදාළ ප්‍රාන්ත බලධාරීන් පෙන්වා දෙනවා.



උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive