සයිනොෆාම් එන්නත ඊයේ 50,493 දෙනෙකුට ලබාදෙයි

Base.lk 6:49 AM Technology

කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළව ඊයේ දිනයේ සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 50,493 දෙනෙකුට ලබාදී ඇති බව ඖෂධ නිෂ්පාදනය, සැපයුම් හා නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළා.

ඒ අනුව මෙතෙක් එම එන්නතේ පළමු මාත්‍රාව ලබාදුන් සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 71,203 ක් බවයි ඔහු කියා සිටියේ.

එම එන්නතේ දෙවන මාත්‍රාව පුද්ගලයින් 2435 දෙනෙකුට ලබාදී තිබෙනවා.

එසේම, රුසියානු ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව මේ වනවිට පුද්ගලයින් 11,338 කට ලබාදී ඇති අතර, ඊයේ දිනයේ පමණක් එම එන්නත ලබාගත් පුද්ගලයින් සංඛ්‍යාව 5460 ක්.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive