සංචරණ සීමා මැද ආහාර, ගෑස්, ඉන්ධන ඇතුළු සේවා හිඟයකින් තොරව සැපයීමේ සහතිකයක්

Base.lk 6:49 AM Technology

අද සිට ක්‍රියාත්මක වන පරිදි පළාත් අතර සංචරණ සීමා පැනවුවද අත්‍යවශ්‍ය සේවා බාධාවකින් තොරව පළාත් අතර ලබාදීමට එම සේවා සපයන ආයතන කටයුතු යොදා තිබෙනවා.

සතොස ආයතනයේ නියෝජ්‍ය සභාපති තුෂාර දිසානායක හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ දිවයින පුරා පිහිටි සතොස වෙළඳසැල් වෙත බාධාවකින් තොරව අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය කිරීමට කටයුතු යොදා ඇති බවයි.

අන්තර් පළාත් සංචරණ සීමා පනවා තිබුණද දිවයින පුරා පිහිටි අලෙවි මධ්‍යස්ථාන වෙත ගෑස් බෙදාහැරීමේ කටයුතු අඛණ්ඩව සිදු කෙරෙන බව ගෑස් සමාගම් සඳහන් කළා.

එමෙන්ම, සංචරණ සීමා පැනවුවද දිවයින පුරා සියලු ප්‍රදේශවල නිවසටම ඖෂධ බෙදාහැරීමට කටයුතු යොදා ඇති බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව පවසනවා.

එහි සභාපති ප්‍රසන්න ගුණසේන හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ රජයේ සියලු රෝහල් වල හිඟයකින් තොරව ඖෂධ පවතින බවයි.

මේ අතර, අන්තර් පළාත් සංචරණ සීමා පනවා තිබුණද දිවයින පුරා සියලු ඉන්ධන හල් වෙත බාධාවකින් තොරව ඉන්ධන බෙදා හැරීමේ කටයුතු අඛණ්ඩව සිදු කෙරෙන බව ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කළා.




උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive