ඌරුජුවාගේ මියයෑම සම්බන්ධයෙන් පොලිසියෙන් විමර්ශනයක් (වීඩියෝ)

Base.lk 6:49 AM Technology

පාතාල නායක සමයංගෙන් පසු ඔහුගේ පාතාල ක්‍රියාකාරකම් මෙහෙය වූ මාඹුලගේ දිනිති මෙලන් මාඹුල හෙවත් ඌරුජුවා, කඩුවෙල - වඳුරම්මුල්ල ප්‍රදේශයේදී පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්වූවා.

නවගමුව සහ හංවැල්ල පොලිස් බල ප්‍රදේශවල සිදුවූ අපරාධ රැසක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවෙකු වන ඔහු පෙරේදා නවගමුව පොලිසිය අත්අඩංගුවට ගනු ලැබුවා.

ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව ප්‍රකාශයක් සටහන් කරගෙන වැඩිදුර විමර්ශනයක් සඳහා සැකකරු රැගෙන ගිය අවස්ථාවේදී මෙම සිද්ධිය සිදුව ඇති බව වාර්තා වන බවයි පොලිසිය පැවසුවේ.

කෙසේ වෙතත්, මෙම සැකකරුගේ මියයෑම සම්බන්ධයෙන් බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාශය මගින් විමර්ශනයක් සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළා. 







උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive