කොළඹ වරාය නගරය පිළිබඳ දේශපාලන කරලියේ පුළුල් කතා බහක් (වීඩියෝ)

Base.lk 6:49 AM Technology

කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පිහිටුවීමට අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ යලිත් එම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් දේශපාලන කරලියේ පුළුල් කතා බහක් මතු වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදි ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දුන්නේ අදාළ පනත් කෙටුම්පත මගින්, රජය විදෙස් ආයෝජකයින් සඳහා හිතකර පරිසරයක් නිර්මාණය කිරිම අරමුණු කර ඇති බවයි.

කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව යනු වරාය නගරය තුළ සිදුවන ක්‍රියාකාරකම් පාලනය, කළමනාකරණය සහ නියාමනය සඳහා පිහිටවූවක්.

කොළඹ වරාය නගරය තුළ ව්‍යාපාර හෝ සේවා සැපයීම සඳහා අවශ්‍ය බලපත්‍ර නිකුත් කිරිම සිදු කරනු ලබන්නේ එමගින්.

ආර්ථික කොමිෂන් සභාවක් පිහිටුවිමේ මුලික අරමුණ වන්නේ කිසියම් ව්‍යාපාතියක් තුළ ව්‍යාපාර කටයුතු සිදු කිරිමේදි අවශ්‍ය ආර්ථික හා පරිපාලන නිදහස සැපයිමයි.

මුහුද ගොඩකරමින් ඉදිවන කොළඹ වරාය නගරයේ සමස්ත භූමි ප්‍රමාණය හෙක්ටයාර 269ක් වන අතර එහි සමස්ත ආයෝජනය ඇමරිකානු ඩොලර් බිලියන 15ක්.

මෙම වරය නගරය ලොව උසස්ම මට්ටමේ කාර්යාල සංකිර්ණ, අති නවින සෞඛ්‍ය සේවා, අධ්‍යාපන සේවා, බහුවිධ සේවා පහසුකම්, සැහැල්ලු යාත්‍රාංගණ, සුපිරි සාප්පු සංකීර්ණ, හෝටල් සහ විනෝදාස්වාදය සැපයිම සඳහා වෙන්වුණු පහසුකම් වලින් සමන්විතයි.

මෙම ව්‍යාපෘතිය තුලින් රැකියා අවස්ථා 130,000ක් සහ දළ දේශීය නිෂ්පාදනයට 11.5%ක දායකත්වයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරනවා.

Similar Post You May Like

Recent Post

Blog Archive