මෙරටට එන විදේශිකයින් යළිත් සීමා කෙරෙන ලකුණු (වීඩියෝ)

Base.lk 6:49 AM Technology

මෙරටට පැමිණෙන විදේශිකයන් අතරින් කොරෝනා ආසාදිතයින් වාර්තාවීම ඉහළයාම හේතුවෙන් එලෙස පැමිණෙන පිරිස් පාලනය කිරීමට සිදුවන බව වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කළා.

එමෙන්ම, අද දිනයේ තවත් ආසාදිතයින් 168 ක් වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 96,354 දක්වා ඉහළ ගියා.

රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් ආසාදිතයින් 221 දෙනෙකු සුවය ලබා අද රෝහල්වලින් පිටව යාමත් සමඟ මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 92,832 ක් ලෙස සටහන් වනවා.

මේ අතර, උත්සව සමය වෙනුවෙන් නිකුත් කළ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගත නොවූ පුද්ගලයින් දිවයිනේ ඇතැම් ස්ථානවලින් වාර්තා වූ බව මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය එස්.එම්.ආනල්ඩ් පවසනවා.

සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩ කරමින් කරමින් ජනතාව දිගින් දිගටම කටයුතු කළහොත් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවනු ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කළේ, විදේශයන් හි සිට මෙරටට පැමිණෙන පිරිස් අතරින් කොරෝනා ආසාදිතයින් වාර්තාවීම ඉහළ ගොස් ඇති බවයි.

පසුගිය දින කිහිපයේ කොරෝනා ආසාදිතයින් 29 දෙනෙකු වාර්තා වීමත් සමඟ කුරුණෑගල - හිරිපිටිය, තිත්තවැල්ගාල ගම්මානයට සංචරණ සීමා පැනවීමට ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

මේ අතර, දෙවන පාසල් වාරය ආරම්භ වන්නේ  නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ සහ චක්‍ර ලේඛවලට අනුකූලව බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

මේ අතර, ලොව පුරා කොරෝනා ආසාදිතයන් සහ මරණ සීග්‍රයෙන් ඉහළ යමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. එහි ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩනම් ගෙබි්‍රයේසස් ඊයේ පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ ගෝලීය ආසාදිතයන් සංඛ්‍යාව පසුගිය මාස දෙක තුළ දෙගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බවයි.



Similar Post You May Like

Recent Post

Blog Archive