කලු සුදු රූපයේ වර්ණ කතාව

Base.lk 6:49 AM Technology



1954 වර්ශයේ ගන්නා ලද මේ ඡායාරූපයේ සිටින ප්‍රධාන චරිත දෙකක් අතර ඇත්තේ  පුදුමාකාර සම්බන්ධයක්.

 ඡායාරූපය දකුණු කෙළවර අසුන්ගෙන සිටින්නේ ලොව ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වූ සිරිමාවෝ බණ්ඩාරනායකයි.

ඇයගේ වම් පසින් තවත් සුවිශේෂී පුද්ගලයෙක් අසුන් ගෙන සිටිනවා.

 ඒ වයස අවුරුදු 99ක් ආයු වළඳා අද දින මෙලොවට සමුදෙන බ්‍රිතාන්‍යයේ පිලිප් කුමරු හෙවත් එඩින්බරෝ ආදිපාදවරයායි.

මේ ඡායාරූපයට අද දිනය විශේෂ වන්නේ අද එඩින්බරෝ ආදිපාදවරයා සිය අවසන් ගමන යද්දී ඔහුගේ වම් පසින් අසුන්ගෙන සිටින සිරිමාවෝ බණ්ඩාරනායකගේ එකසිය පස්වන ජන්ම දින සංවත්සරයත් අදට යෙදී තිබීමයි.

මේ ඡායාරූපය එඩින්බරෝ ආදිපාදවරයා 1954 වර්ෂයේ මෙරටට පැමිණි අවස්ථාවේ හොරගොල්ල වලව්වේ දී ගන්නා ලද්දක්.

 එවකට එකොලොස් හැවිරිදි වියේ පසු වූ කුඩා දැරියක් වූ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඡායාරූපයේ පසුබිම් කතාව ද අලලා දෙවන එලිසබත් රැජින වෙත ශෝක පණිවිඩයක් යවා තිබෙනවා.

අප්‍රේල් දොළොස් වන දින දාතම යොදා ඇති මෙම ශෝක පණිවිඩයෙන් ඇය බ්‍රිතාන්‍ය මහ රැජනට ප්‍රාර්ථනා කර ඇත්තේ සිය වල්ලභයා ගේ අභාවය දරා ගැනීමට අවශ්‍ය ශක්තිය ලැබේවායි යනුවෙන්.

 
 
පිලිප් කුමරු දෙවන ලෝක යුධ සමයේ මෙරටට අවස්ථා කිහිපයකදීම පැමිණ තිබෙනවා.

 ඒ දෙවන ලෝක යුධ සමයේ මහනුවර පිහිටා තිබූ අග්නිදිග ආසියානු අණදෙන කඳවුරේ ප්‍රධාන අණ දෙන නිලධාරියා සමඟයි.

බ්‍රිතාන්‍යයේ මෞන්ට් බැටන් සාමිවරයා මෙම කඳවුරේ ප්‍රධාන අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළ අතර ඔහු පිලිප් කුමරුවන්ගේ මාමණ්ඩියයි.

Similar Post You May Like

Recent Post

Blog Archive