පිලිප් කුමරුගේ අවමංගල්‍ය උත්සවය ඇරඹෙයි

Base.lk 6:49 AM Technology

වින්ඩ්සර්හි ශාන්ත ජෝජ් දේවස්ථානයේදී පිලිප් කුමරුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කෙරෙන්නේ බ්‍රිතාන්‍ය වේලාවෙන් අද පස්වරු 3ට පමණ.

99 හැවිරිදි පිලිප් කුමරු සිහිපත් කරමින් ඔහුට ගෞරවය දැක්වීමක් ලෙස බ්‍රිතාන්‍ය පුරා විනාඩියක නිහැඬියාවක් පළ කෙරෙනු ඇති.

ජීවත්ව සිටියදී තම අවසන් කටයුතු සම්බන්ධයෙන් පිලිප් කුමරු සැලසුම් කර තිබුණා.

ඒ අනුව ඔහුගේ දේහය වින්ඩ්සර් මාලිගයේ සිට දේවස්ථානය දක්වා රැගෙන යාමට පිලිප් කුමරු විශේෂිත ලෑන්ඩ් රෝවර් රථයක්ද නිර්මාණය කර තිබුණේ ඔහු සිය 82වන ජන්ම දිනය සම්පූර්ණවීමත් සමඟයි.

හමුදා ආචාරය මධ්‍යයේ ඉතා චාම් අයුරින් සිදුකෙරෙන පිලිප් කුමරුගේ අවමංගල්‍ය අවස්ථාවට බ්‍රිතාන්‍යයන්ට සහභාගීවීමට අවස්ථාව ලැබෙන්නේ නැහැ.

එරට කොවිඩ් 19 තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඊට සහභාගීවන්නේ පිලිප් කුමරුගේ සහ එළිසබෙත් මහ රැජිනගේ පවුලේ ඥාතීන් හා සමීපතමයන් පමණයි.

නමුත් කිසිදු රාජකීයෙකුට යුද නිල ඇඳුම් අවමංගල්‍ය අවස්ථාවට භාවිතයට අවස්ථාව ලැබෙන්නේ නැහැ.

ඒ හැරී කුමරුවන් සහ ඇන්ඩෘෘ කුමරුවන් යුද සේවයෙන් ඉවත්ව සිටීම හේතුවෙන්.

හිරු නොබසින අධිරාජ්‍යයේ රාජකීයයෙකුගේ නික්මයාමක් සනිටුහන්වන්නේ වසර 24කට පසුවයි.

ඒ ඩයනා කුමරිය හදිසි අනතුරකින් 1997 වසදෙී දිවි ගමනට සමුදීමෙන් පසුවයි.

පිලිප් කුමරුගේ ශතකයට ආසන්න දිවි ගමනේදී ඔහු ලබාගත් යුද සම්මාන සහ ලාංඡන ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේ අල්තාරය අබියස ප්‍රදර්ශනය කෙරෙනවා.

සන්නද්ධ හමුදා සාමාජිකය්න 730 දෙනෙකු දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ අවමංගල්‍යය පෙරහැරඑට එක්වනු ඇති.

Similar Post You May Like

Recent Post

Blog Archive