ජලය නොමැතිව අසරණය වූ ඇල්පිටිය ගොවීන් (වීඩියෝ)

Base.lk 6:49 AM Technology

යල සහ මහ දෙකන්නයම වගා කරමින් සහලින් රට ස්වයංපෝෂිත කිරීම සදහා ගොවියාට අවැසි යටිතල පහසුකම් සැපයීමට ජනතා බදු මුදලින් සැලකිය යුතු කොටසක් වෙන්වනවා.

නිසි කළමනාකරණයකින් තොරව එම මුදල් යෙදවීම හේතුවෙන් යල මහ දෙකන්නයම අස්වැද්දවීමට නොහැකි වූ ඇල්පිටිය ප්‍රදේශයේ අක්කර සිය ගණනක කුඹුරු යායක් පිළිබඳවයි අද රතු මිනිත්තුවේ අවධානය.

මේ ඇල්පිටිය ප්‍රදේශයටම බත සැපයූ අක්කර 100ක පමණ වපසරියකින් යුතු පොල්ලෙවෙල වෙල්යාය.

ගොවීන් 60, 70කගේ පමණ ධෛර්යයෙන් යල මහ දෙකන්නයම ඉතා සරුසාරව වගා කළ මෙම වෙල් යාය ජලය ලබාගැනීමේ පවතින අසීරුතාවය හේතුවෙන් අද එක් කන්නයක් හෝ වගාකර ගත නොහැකි තත්ත්වයට පත්ව තිබෙනවා.

මීට පෙර වෙල් යාය අසලින් ගලා බසිනා ජුවන් ඇළ හරහා දමා තිබූ අමුණ හේතුවෙන් යල මහ දෙකන්නයම අපහසුතාවයකින් තොරව වගා කිරීමට ගොවීන්ට
හැකියාව ලැබී තිබුණා.

නමුත් ගොවීන් පෙන්වා දෙන්නේ අමුණ විනාශ වී යාම හේතුවෙන් ඇළෙන් ගලා බසින ජලය වෙල් යායට ලබාගැනීමේ හැකියාව තමන්ට අහිමි වූ බවයි.

ගොවීන්ගේ ඉල්ලීම පරිදි එවක රජය රුපියල් දහ අට ලක්ෂ අසු පන්දහසක් වැය කරමින් අදාළ අමුණ ප්‍රතිසංස්කරණය කළද නිසි ප්‍රමිතියකින් තොරව එම කටයුතු සිදුකිරීම හේතුවෙන් වසරක් ගතවන්නටත් මත්තෙන් අමුණ කැඩීගොස් තිබෙනවා.

අමුණ නොමැතිවීම හේතුවෙන් වතුර මෝටර් යොදා ගොවිතැන් කටයුතු කරගැනීමට ගොවීන්ට සිදුව තිබෙනවා.

වතුර මෝටර්වල කුලිය ගෙවීමට සහ ඒ සඳහා වැයවන විදුලිය සඳහා කන්නයකට රුපියල් 60,000ත් 1,00000අතර මුදලක් වැය වීම හේතුවෙන් බොහෝ ගොවීන් දැඩි අපහසුතාවට පත්ව සිටිනවා.

ජනතා බදු මුදල් නිසි කළමනාකරණයක් සහිතව පරිහරණය කරමින් පොල්ලෙවෙල වෙල්යායේ ගොවීන්ගේ මෙම ගැටලු සදහා නිසි විසඳුම් ලබාදෙන තුරු රතු මිනිත්තුව අවධානයෙන්.

Similar Post You May Like

Recent Post

Blog Archive