මෙරටට පැමිණෙන විදේශිකයින් සීමා කෙරෙන ලකුණු

Base.lk 6:49 AM Technology

මෙරටට පැමිණෙන විදේශිකයින් අතර කොරෝනා රෝගීන් වාර්තා වීම ඉහළ යාම හේතුවෙන් මෙරටට පැමිණෙන විදේශිකයින් කළමනාකරණය කිරීමට සිදුවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

එහි වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ප්‍රකාශ කළේ වෛරසය සමාජය තුළට ඇතුළු වී ඇතිවිය හැකි හානිකර තත්ත්වය අවම කර ගැනීම සඳහා විදේශ රටවල සිට මෙරටට පැමිණෙන පිරිස් කිසියම් සීමා කිරීමක් හෝ පාලනය කිරීමක් කිරීමට සිදුවනු ඇති බවයි.

මේ අතර, සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගත නොවුනහොත් ඊට එරෙහිව නීතිමය ප්‍රතිපාදන ක්‍රියාත්මක කිරීමට සිදුවන බව මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය එස්.එම්.ආනල්ඩ් පෙන්වා දුන්නා.

Similar Post You May Like

Recent Post

Blog Archive