ලොව පුරා කොරෝනා ආසාදිතයන් මාස දෙකක් තුළ දෙගුණ වෙයි

Base.lk 6:49 AM Technology

ලොව පුරා කොරෝනා ආසාදිතයන් සහ මරණ සීග්‍රයෙන් ඉහළ යමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

එහි ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩනම් ගෙබි්‍රයේසස් ඊයේ පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ ගෝලීය ආසාදිතයන් සංඛ්‍යාව පසුගිය මාස දෙක තුළ දෙගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බවයි.

එමෙන්ම කොරෝනා මරණ සංඛ්‍යාවද මේ වනවිට මිලියන තුන ඉක්මවා තිබෙනවා.

කොරෝනා වෛරස් ගෝලීය වසංගතයේ සීග්‍රතම ව්‍යාප්තිය මේ වනවිට දක්නට ලැබෙන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා සඳහන් කළේ.

ලොව සෑම කලාපයකම පාහේ කොරෝනා ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති අතර, බ්‍රසීලය, ඉන්දියාව, පෝලන්තය, තුර්කිය ඇතුලු රටවල් රැසක එහි සීග්‍ර ව්‍යාප්තියක් දැකිය හැකියි. එහිදී ඇතැම් රටවල කොරෝනා ව්‍යාප්තිය ඉහළ යාමට වෛරසයේ විකෘති ප්‍රභේද හේතුවී ඇති බව සැළකෙනවා.

ගෝලීය කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට කෝටි 14 ඉක්මවා තිබෙනවා.
   

Similar Post You May Like

Recent Post

Blog Archive