Biscope

Bookmark and Share
No Source

A Lonely Place to Die (2011) | කදුකරයේ විලාපය! [සිංහල උපසිරැසි සමඟ]

Image View Click Hereඉතින් යාලුවනේ ඔන්න මම ගෙනාවා නියම ෆිල්ම් එකක්. IMDb අගය 6.3 ක් වෙනවා මේ ෆිල්ම් එකට. චිත්‍රපටිය ඉවරවෙනකම්ම කුතුහලයෙන් යුතු මේ චිත්‍රපටිය එක හුස්මට බලන්න පුලුවන්. Adventure, Thriller, Crime, ගණයට වැටෙන මේ චිත්‍රපටිය හොඳ විචාරක අදහස් ලබා ගෙන තිබෙනවා. ප්‍රධාන චරිත Melissa George, Ed Speleers වෙනවා.

ඔන්න කඳු නගින්න ආස කට්ටියක් ස්කොට්ලන්තයේ කඳු පන්තියක් වෙත යනවා. මේ අතරේ මොවුන් එක් තැනක විවේක ගන්න නතර වූ විට ඔවුන්ට යමෙකු කෑ ගසන ශබ්දයක් ඇසෙනවා. ඔවුන් වටපිට සොයා බලද්දි දකිනවා පොලව යට වලලපු කුටීරයක සිටින පුන්චි කෙල්ලෙක්. ඉතින් මේ කට්ටිය මේ කෙල්ලව බේරගෙන උඩට ගන්නවා. මොනවද උනේ කියලා අහන්නත් බෑ මේ කෙල්ල ඉංග්‍රීසි දන්නෙ නෑ. ඉතින් මේ අය කරපු වැඩේ බරපතලකම තේරෙන්නෙ පස්සේ තමයි. මොකද මේ කෙල්ලව පැහැරගෙන තියෙනවා කප්පම් ඉල්ලන්න. ඉතින් මේ කට්ටියට ඊට පස්සෙ සිදු වෙන්නෙ බොහොම භයානක සිද්දි ටිකකට තමයි. මේ කෙල්ලව පැහැරගත්තු අපරාධකාරයොත් එසේ මෙසේ කට්ටියක් නෙමෙයි. ඒ වගේ හතර වටින් වට වෙච්ච කැලේකින් මේ කෙල්ලව ආරක්ශිතව එලියට අරගෙන යන අභියෝගයත්, තමන්ගේ ජීවිතය රැකගැනීමේ අභියෝගයටත් මුහුන දෙන මොවුන්ට කුමණ ඉරණමකට මුහුණ දෙන්න පුලුවන් වෙයිද කියලා බලන්න ඔයාලම නරඹලා දැනගන්න. ඉතින් යාලුවනේ දෙයියනේ කියලා බාගෙන ඔයාලගෙ අදහසුත් දාලා යන්න අමතක කරන්න එපා. කට්ටියටම ජයෙන් ජය!

Read Mora ...

The Thing (2011) | මා නොවන මා

Image View Click Hereමගේ මතකය අතිතය කරා දිවයයි. එනම් මට මේ වෙබ් අඩවියට ලිපි ලිවිමට අරාධනා ලද මොහොත වෙත. රොයිලි සහොගෙන් ලද එම අරාධනාවේ එක්තරා අහිංසක ඉල්ලිමක් විය. එය නම් සිනමා කෘති අංශය බාරගෙන ඒ සදහා වැඩි ලිපි ප්‍රමානයක් එවිමට කටයුතු කරන ලෙසයි. ඉතින් තවමත් ඒ අඩුපාඩුව එලෙසම පවතින බැවින් වසර අග පැමිනි මේ සිනමා කෘතිය වෙත වැඩි අවදානයක් ලබාදිමට සිතුවෙමි. සිනමා කෘතිය ගැන පැවසිමට ප්‍රථම මා හිතවත් වාසල සහොවත් මතක් කිරිමට සිතුනි. හොඳයි, මේක Horror වුනාට ටිකක් විද්‍යා ප්‍රබන්ධ පැත්තටත් බරයි. මොකද මෙකේ සිදුවන්නෙ විද්‍යා පරික්ෂණයක්, ඒකයි.

මේ සිනමා කෘතිය නැවත නිපදවන ලද්දක් ලෙසද හැඳින්විය හැක. මෙහි මුල් නිශ්පාදනය 1982 වසරෙ සිදුවුවකි. IMDB 6.5 ප්‍රමානය කරා ලගා වි ඇති මෙම නිර්මාණය සඳහා රංගන දායකත්වය Mary Elizabeth Winstead ලබාදෙයි. ඇය මිට ඉහතදි Live Free or Die Hard හී දියණියගේ චරිතයත්, Scott Pilgrim vs. the World හි පෙම්වතිය ලෙසත් අප හඳුනාගන්නා ලදි. එමෙන්ම මෙහි ඇඩම්ගෙ චරිතයට පනපොවන නළු Eric Christian Olsen, Fired Up හරහා අප හඳුනාගෙන ඇත.

කතාව පිටසක්වලට සම්බන්ධයි. එක්තරා පරික්ෂකයන් පිරිසක් එක්තරා යානයක් සොයාගනියි. මේ පරික්ෂකයන් කවුරුන්ද, යානය කුමක්ද කියලා දැනගන්න නම් මේ සිනමා නිර්මාණය නරඹන්නම වෙනවා. මේ යානය කඩා වැටුනු තැනට මිටර් කිපයක් එහායින් තවත් යමක් මොවුනට හමුවෙනවා. ඒ අයිස් මත හිරවුනු සිරුරක්. මේ සිරුර කගෙද, එය රහසක්. හැබැයි මිනිත්තු 20ක් විතර කතාව Skip කලාම දැන් මේ සිරුරට පණ ඇවිල්ලා තවත් මිනිත්තු 10 විතර Skip කලාහම මරණයන් 2ක්, එක සිරුරක් මිනිසෙකුගෙ, අනෙක? හ්ම්ම්ම් හ්ම් හ් එතැන් සිට සිදුවන දේ තමයි මේ චිත්‍රපටියේ අන්තර්ගතය. මිත්‍රවරුනේ ඔබලට මේක බලන්නම වෙනවා ඉදිරියට වෙන දේ දැනගන්න. මේ සිනමා කෘතියේ අවසාන වන තැන සිදුවන ඝාතනය නිවරදිද, නැතහොත් වැරදිද ඔබ ඒක බලලාම තිරණය කරන්න.

Read Mora ...

The 7th Sence (7 Aum Arivu) | අතීතයේ හැකියාවන් අනාගතයටත්!!!

Image View Click Hereඔන්න ඉතින් යාලුවනේ මම අයෙමත් බයිස්කෝප් එකක් අරගෙන ඔයාලා හමුවට ආවා. මේක මගේ දෙවෙනි බයිස්කෝප් එක. මේ පාරත් මම ඔයාලාට අරගෙන ආවේ දමිල බයිස්කොප් එකක්ම තමා. ඒ උනාට මේක ටිකක් විශේෂයි. මොකද කියනවනම් මේ විදිහෙ චිත්‍රපටියක් කලින් දමිල සිනමාවේ නිෂ්පාදනය කරලා නෑ. මේක ටිකක් අමුතු තාලෙ එකක් කිව්වනෙ. අපි බලමු ඒ අමුත්ත මොකක්ද කියල.

මේ කතාව පටන් ගන්නෙ චීනේ සටන් කලාව ඉගෙනගන්න තියන ආරාමයක් එහෙමත් නැත්නම් ෂැඔලින් පන්සලක් පෙන්නලා. ඉතින් මෙ රූපරාමුව අපේ යාළුවො හිතනවා ඇති ඇයි මේ දමිල චිත්‍රපටියට චීනෙ ගෑවුනෙ කියලා. මේකේ හේතුව චීනෙට මේ සටන් කලාව එහෙමත් නැත්නම් Kung-Fu කලාව ඇවිත් තියෙන්නෙ ඉන්දියවෙන්. ඔයලාටත් පුදුම ඇති එහෙම කිව්වහම. මමත් පුදුම උනා ඒක දැක්කහම. කොහොම උනත් කතාව ඇත්ත. මේ පන්සල පෙන්නුවට පස්සේ පෙන්නන්නෙ 6වන සියවසේ ඉන්දියාව. මේ කාලෙ ඉන්දියවෙ ඉන්නව පුද්ගලයෙක් බොධිදර්මන් කියලා. මෙයා තමා ඉන්දියවේ ඉන්න හොදම සටන් කරුවා. ඉතින් මෙයාට සටන් කලාව විතරක් නෙවෙයි මෙයාට ස්වභාවධර්මයා අභිබවා යන වැඩ ටිකකුත් කරන්න පුලුවන්.ඒ වගේම මෙයාට වෙදකමත් හොදට පුලුවන්, තම ගුරුතුමාගේ ඉල්ලීම පරිදි ඔහු යනවා චීනෙට, යද්දි ගෙදර අයට ඔහු දීලා යනවා පොතක් ඒක ඔහු විසින්ම ලියපු එකක්,ඉතින් චීනෙට යන්න මෙයාට අවුරුදු 3 ක් යනවා. ඉස්සරකාලෙ දැන් වගේ ගුවන්යානා තිබුනෙ නෑනේ. ඒත් ඉතින් මෙයාට චීනෙන් නම් එච්චර පිළිගනීමක් හම්බවෙන්නෙ නෑ මුලින්ම. පස්සෙ එක හේතුවක් හන්දා මේ බෝධිදර්මන්ට ලොකු තැනක් හම්බෙනවා චීනෙ.

හරි ඒ අතීත කතාව. දැන් එමු වර්ථමානෙට. 2011 ජීවත් වෙන්නෙ ඒ බොධි දර්මන් නෙවෙයි, එයා අරවින්ද්. ඒ උනාට ජාන තාක්ෂණයට අනුව එයාගේ DNA 83% වැඩිය ගැලපෙනවා බොධිදර්මන් ගේ DNA වලට. ඉතින් මෙයාවයි මෙයා ගැන පරීක්ෂණ කරන කෙල්ලවයි මරන්න චීනෙන් කෙනෙක් එනව Dong Lee කියල. මෙයාත් හොඳ සටන් කරුවෙක් තමා, මෙයානම් හොලිවූඩ් සිනමාවෙ කෙනෙක්, මෙයාට ඕනම කෙනෙක්ගෙ ඇස් දෙක දිහාබලලා එයාගෙ මනස පාලනය කරන්න පුලුවන්, කොටින්ම කිව්වොත් මෙයාට Mind control කරන්න පුලුවන්. මෙයා එවන්නෙ ඒ දෙන්නව මරන්නම විතරක් නෙවේයි. Operation RED කියල Mission එකකටත් එක්කතමා එන්නේ,

ඉතින් යාළුවනේ බලලම දැනගන්නකෝ මේ Dong Lee එන කාර්ය්‍යය හරියයිද? මම හුඟාක් විස්තර කිව්වා. තව කිව්වොත් රසය නැති වෙන්න පුලුවන්. ඒක හින්දා කතාව බලලම ඉන්නකෝ. මේ බයිස්කොප් එකේ නළුවට ඉන්නෙ හැමෝම දන්න සූර්යා, නිළියට ඉන්නෙ ශෘතී හසන්, මේකෙ හුඟාක් ලස්සන බයිස්කොප් එකක්, මේක මිනිත්තු 168 ක් පුරාවටම දිවයන චිත්‍රපටයක්, ලස්සන සින්දු ටිකකුත් තියන්වා මේකෙ, ලස්සන ආදර කතාවකුත් මේ ප්‍රශ්න මද්දෙ ගලාගෙන යනවා. ඒ වගේම මෙකට IMDb ratings 5.3/10ක අගයක් ලැබිලා තියනවා. එහෙනම් යාලුවනේ බලල කොමෙන්ට් එකකුත් දාලම යන්න, ලඟදීම ආයෙමත් ලස්සන බයිස්කොප් එකක් අරගෙන ඔබලා හමුවට එන්නම් එතකන් ඔබලා හමෝටම ජය…

Read Mora ...
1 - 1 ... 2 ... 3 ... 4 ... 5 ... 6 ... 7 ... 8 ... 9 ... 10 ... 11 ... 12 ... 13 ... 14 ... 15 ... 16 ... 17 ... 18 ... 19 ... 20 ... 21 ... 22 ... 23 ... 24 ... 25 ... 26 ... 27 ...
elakolla.com Product (C) Club Elakolla_lab. Helping Call +94773460655